දියතලාව සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගයේදී සිදුවූ අනතුරකින් මරණ හතයි!
දියතලාව සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගයේදී සිදුවූ අනතුරකින් මේ වනවිට සත් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 26කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇත.
අද සවස් වරුවේ පැවති ධාවන තරගයකදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී පෙරළී ඇති අතර එයින් පසුව ඇති වූ බාධකය ඉවත් කර රිය ධානවය කිරීමේදී ඇති වු තද දුහුවිල්ල හේතුවෙන් එක් රියදුරකුට රථය පාලනය කර ගත නොහැකිව නරඹන්නන් පිරිසක් අතරට ඇදී ගොස් ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේද එතැන සිටි නරඹන්නන් අනතුර ලක්ව ඇති අතර ධාවන තරගය නවත්වා තුවාලකරුවන් රෝහලට ගෙන යාමට කටයුතු කර තිබේ. ආරංචි මාර්ගවලට අනුව තවත් කිහිප දෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සජීවීව ජංගම දුරකථනයක පටිගත වූ දියතලාව බිහිසුණු අනතුර