ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොලීසියේ ලොක්කෙක් හොර හරක් අදිනකොට STF එකට මාට්ටු! 

යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයෙන් ගවයින් 8 දෙනෙකු හොරකම් කොට මස් පිණිස රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියෙකු ඇතුළු සැකකරුවන්  තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ ( 3 ) අත් අඩංගුවට ගෙන තිබේ. 
ඝාතනය කරන්නට පැටවූ හරක් කකුල් ගැට ගසා ලොරියේ දමා තිබූ අයුරු….

ගවයින් රැගෙන ගිය වාහනයද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර එම වාහනයේසිටි මෙම පොලිස් නිලධාරියා යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ සේවය කරන පොලිස් නිලධාරියෙකු බවට හඳුනාගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනයේ කඳවුරේ නිලධාරීන්ට ගවයින් ප්‍රවාහනය කරණ බවට ලැබුණු තොරතුරක් මත එම නිලධාරීන් මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන පරීක්ෂාවට ලක් කිරීමේදී යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයෙන් හොරකම් කරණ ලද ගවයින් අට දෙනෙකු මස් කිරීම පිණිස යාපනයේ මණ්ඩතීව් පළාතට රැගෙන යන මෙම වාහනය අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

ඒ අවස්ථාවේදී වාහනයේ සිටි පොලිස් නිලධාරියා තමන් මේ ගවයින් පැට වූ ලොරිය අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන යන බව පවසමින් රඟපෑමක් කොට ඇතත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී පොලිස් නිලධරියා ප්‍රකාශ කොට ඇත්තේ බොරුවක්  බව හෙළි වී තිබේ. 

අත් අඩංගුවට ගත් සැකකරුවන් ලොරිය හා ගවයින් වැඩිදූර පරීක්ෂණ කටයුතු සදහා පුංගුඩුතීව් පොලීසිය වෙත බාර දී තිබේ.