ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

හැනිබල්ගේ තීරණය ඉදිරියේ වනිඳුගේ ආවේගය සාධාරණයි – මහේල ජයවර්ධන

සුලෝහිත සංග්‍රාමයට පෙරාතුව ආනන්ද සහ නාලන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම් විශේෂ පුහුණු සැසි කිහිපයකට සහභාගී වීමට නියමිත අතර ඉන් පළමුවැන්න සඳහා සහභාගී වූ මහේල ජයවර්ධන, ඉකුත්දා ඇෆ්ගනිස්තානය සමග පැවැති පන්දුවාර 20 තරගයේදී ලින්ටන් හැනිබල් විනිසුරු ලබාදුන් ආන්දෝලනාත්මක තීරණයෙන් අනතුරුව වනිඳුගේ හැසිරීම සාධාරණ බව සඳහන් කළේය.

ක්‍රීඩා පිටියේදී මෙවන් සිදුවීම් සාමාන්‍ය බවත්, කෙසේවෙතත් මීට වඩා නුවණක්කාරී අයුරින් වනිඳුට මෙම ගැටලුව නිරාකරණය කරගත හැකිව තිබූ බවත් ඔහු තරග සංවිධායක කමිටුවේ මාධ්‍ය ඒකකය සමඟ තිබූ සාකච්ඡාවකදී සඳහන් කළේය. එමෙන්ම ආනන්ද කණ්ඩායමට පුහුණු සැසිය පවත්වමින් ක්‍රීඩකයෙකු පාසල් වියේ සිටම විනය පිළිබඳව සැළකිලිමත් විය යුතු බවද ඔහු සඳහන් කළේය.

මේ අතර නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම සඳහා පුහුණුසැසිය පැවත්වූ අවිශ්ක ගුණවර්ධන ක්‍රිකට් ක්‍රීඩකයෙකු පාසල් වියේ සිටම විනය පිළිබඳව දැඩි ලෙස සැළකිලිමත් විය යුතු බව සඳහන් කළේය. ක්‍රිකට් ක්‍රීඩකයෙකුව අනුගමනය කරන යොවුන් පරපුරට ආදර්ශයක් වීම ක්‍රීඩකයෙකුගේ වගකීම බවත් ඔහු සඳහන් කළේය.