ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

ඇෆ්ගන් – ශ්‍රී ලංකා පළමු T20 තරගය අද

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගය අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතය.

නවීකරණය කරන ලද දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වසර පහකට අධික කාලයකින් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වන අතර, දඹුල්ලේදී පන්දුවාර 20 ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා මෙන්ම ඇෆ්ගන් ක්‍රීඩකයින් ඊයේ පස්වරුවේ සිය අවසන් පුහුණු සැසිය සඳහා එක්වුණා.