ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රනිල් මහත්තය කිසිම හොරෙක් අල්ල නෑ… සජිත් මහත්තයත් හොරු ටිකක්නෙ වට කරන් ඉන්නෙ… දැනට ඉන්න අපේක්ෂකයින්ගෙන් හොරු අල්ලයි කියලා හිතන්න පුළුවන් අනුර විතරයි..

පඳුරට පයින් ගැසුවාම විසික්වෙන්නාක් මෙන් මේ වනවිට ජනාධිපති අපේක්ෂකයින් බිහිවී ඇති බවත් එම අපේක්ෂකයින් සියල්ල අතරින් අනුර කුමාර මහතා හොරු ඇල්ලීමක් සිදු කරයි යන විශ්වාසයක් තමන්ට පුද්ගලිකව ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

“දැන් ඔය රනිල් මහත්තයගෙ දේශපාලන ඉතිහාසයේ කිසිම හොරෙක් අල්ල නෑනෙ මල්ලි. මෛත්‍රීපාල මහත්තය හොරු දෙන්නෙක් ඇල්ලුවා. මහින්ද මහත්තයා හොරු ඇල්ලුවෙ නෑ මල්ලි. එයා හොරකම් කරා.

සජිත් මහත්තයත් හොරු ටිකක්නෙ වට කරන් ඉන්නෙ මල්ලි. ඉතින් මං හිතන්නෑ එයත් එයාගෙ වටේ ඉන්න අය නැතිකරගනී කියල.

එහෙම බලනකොට අනුර මහත්තය නං හොරු අල්ලන්න ඉස්සර ඉදන්ම ට්‍රයි කරා. ඒත් එයාට චාන්ස් එකක් ලැබුනෙ නෑ. එයාව නං පොඩ්ඩක් ශුවර් කරන්න පුළුවන් හොරු අල්ලයි කියල. වෙනනං දැනට කවුරුත්ම නෑ මල්ලි” යැයි රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (18) පැවසීය.