ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtNewsSlider

චාමර වීරසිංහ දැඩිසත්කාර ඒකකයට

රසික හදවතේ අමතක නොවන නාමයක් රඳවා සිටිනා ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගතකර ඇති බව සඳහන්.

මෙම පුවත සැලවීමත් සමඟ ඔහුට ආදරය කරනා බොහෝ පිරිස් රෝහල වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

රෝහල් කාර්යමණ්ඩලය ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නිසා ඔහුගේ සුවදුක් බැලීමට නොපැමිණෙන ලෙසයි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසීය.