ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දට යට වූ STF නිලධාරියා ජීවිතක්ෂයට

පසුගිය ඔක්තෝම්බර් 11 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයාම හේතුවෙන් අනතුරට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ති‍බේ.

කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (18) එම නිලධාරියා මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

එසේ මියගොස් ඇත්තේ, වලව්වත්ත පාර, කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව උප ඒකකයට අනුයුතක්තව රාජකාරි කළ පොලිස් සැරයන් වඩුගේ දමිත් නිශාන්ත ප්‍රනාන්දු නැමති 42 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය ඔක්තෝම්බර් 11 වනදා ඉමදූව ප්‍රදේශයේ පැවති අධික වර්ෂාවත් සමග ඉමදූව පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 101.4 ආර් කණුව අසල පස් කන්දක් නායයෑමට ලක්ව තිබුණි.

එම ආපදා ස්ථානය වෙත පැමිණ පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ආපදා ස්ථානයේ රථවාහන අනතුරට ලක්වී ඇත්ද සොයා බැලීමේදී එම ස්ථානයේම තවත් නායයෑමක් සිදූවීම හේතුවෙන් එහි රාජකාරියේ යෙිදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීයා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.