ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

වට්සැප් අලුත් වෙයි! චැට් ලොක් කිරීමට රහස් කේතයක්!

මෙලෙස whatsapp පුද්ගලික සංවාදවල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා chat lock විශේෂාංගය හඳුන්වා දී තිබෙනවා.

ඒ, පරිශීලකයින්ට මුරපදයක් හෝ ඇඟිලි සලකුණක් හරහා සිය චැට් ආරක්ෂා කර ගැනීම සඳහාය.

එම විශේෂාංගය “ලොක්ඩ් චැට්ස් (Locked Chats)” ෆෝල්ඩරය ඔස්සේ ලබා ගත හැකිය.

මෙයට අමතර ආරක්ෂාවක් ලබාදීමට වට්සැප් විසින් චැට් ලොක් සඳහා “සීක්‍රට් කෝඩ් (Secret Code)” නමින් නව විශේෂාංගයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙය ඉදිරි මාසවලදී සියලුම පරිශීලකයින්ට ලබාදීමට නියමිතය.