විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන එක හොඳයි! හැබැයි ඒක අහෝසි වෙනකොට මේ පාර්ලිමේන්තුවත් විසුරුවා හැරෙන්න ඕනේ – මාලිමාව ගෙනා යෝජනාව මෙන්න (වීඩියෝ)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් අලුත් දේශපාලන උපක්‍රමයක් භාවිතා කිරීමට සැලසුම් කරමින් සිටින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා බෙන්තර ඇල්පිටිය ජාජබ සමුලුවේදී අනාවරණය කොට සිටියේය.
හෙතෙම පෙන්වා දුන්නේ ආණ්ඩුවේ සැලසුම් වී ඇත්තේ විධායක ජනපති ක්‍රමය අහෝසි කොට තවත් වසරක් පාර්ලිමේන්තුව විසුරුවා නොහැර ඉදිරියට 2025 දක්වා බලය හෙබවීම බවය.
එමනිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට යෝජනාවක්ද සම්මත කිරීමට කටයුතු කළ යුතු බවකි.