ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

මන්නාරමේ ධීවරයෙකුගේ දැලට හසුවූ සර්ප මාළු… වටිනවා කීවත් අලෙවි කරගන්න බැරි වෙලා

සර්ප මසුන් ලෙස හදුන්වනු ලබන ඉතා දුර්ලභ ගණයේ  මසුන් තුන් දෙනෙකු මන්නාරමේ ධීවරයෙකුගේ දැලකට ඊයේ (7 ) හසු වී තිබේ.

අඩි දහයක් පමණ දිග මෙම මසුන් දැනට වද වීගෙන යන මත්ස්‍ය විශේෂයක් වශයෙන් නම් කොට ඇති බව මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

මෙම මසුන් විශේෂය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අස්ථි සම්බන්ධයෙන් වූ රෝග සඳහා භාවිත කරණ ඖෂධවලට යොදා ගන්නා බැවින් ඉන්දියාව  වැනි රටවල විශාල ඉල්ලුමක් පවතින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මන්නාරමේ ධීවරයාගේ දැලට හසු වූ මෙම  සර්ප මසුන් තුන් දෙනාම ඔහුට අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති අතර වෙනත් අය එම මසුන් තුන් දෙනා රැගෙන ගොස් තිබේ.