කුසල් මෙන්ඩිස්ගෙන් නව ලෝක වාර්තාවක්
මෙවර ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සමඟින් පැවති පළමු තරගයේදී කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් දියත් කිරීමට සමත් විය.
ඔහු එහිදී පන්දු 42කදී වේගවත් ලකුණු 76ක් රැස්කිරීමට සමත් විය.
ඔහු එහිදී පළමු පන්දුවාර 10 අවසන් වන විට ලකුණු 72ක් රැස් කළ අතර එය වාර්තා අතරට එක් වූයේ ආරම්භක පිතිකරුවෙකු නොවන පිතිකරුවෙකු මුල් පන්දුවාර 10 තුළ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ කුමාර සංගක්කාර වන අතර ඔහු 2002 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පළමු පන්දුවාර 10 තුළදී ලකුණු 55ක් රැස්කර තිබුණි.