සජිත්ගේ මව මහජන මුදලින් මදුරු කොයිල් දෙකක් ඉල්ලයි..! හේමා පේමදාස විජේරාම නිවසේ සිට ජනාධිපති කාර්යාලට ලිපියක් එවයි… සියලු තොරතුරු මෙන්න..
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස විසින් ලිපි ද්‍රව්‍ය කිහිපයක් ඉල්ලමින් ජනාධිපති කාර්යාලය වෙත ලිපියක් ඉදිරිපත් කර තිබේ.ඒ අනුව ඉකුත් මස 20 වනදා ජනාධිපති කාර්යාලයේ ගණකාධිකාරිනිය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඇය විසින් අදාළ ලිපිද්‍රව්‍ය ඉල්ලුම් කර ඇත.
එහිදී ඇය එම ලිපිද්‍රව්‍ය අතරට මෝර්ටීන් මදුරු කොයිල් 2ක් ද ඉල්ලා සිටීම ද සුවිශේෂී කරුණකි.
හේමා ප්‍රේමදාස මහත්මිය විසින් පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ජනාධිපති කාර්යාලයේ ගණකාධිකාරීවරියට ලිපියක් යොමු කරමින් මදුරු කොයිල්, නිල් පාට පෑන් 2 ක්, ගම් බෝතල්, හාෆ් ෂීට්, ෆයිල් කවර ඉල්ලා ඇත. එහි ලිපිනය ලෙස සදහන් වන්නේ අංක 93, විජේරාම මාවත, කොළඹ 07 නම් රජය මගින් විශ්‍රාමික ජනාධිපති ආර්යාවට ලබාදී ඇති නිවසේ ලිපිනයයි.
මේ අතර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය මදුරු කොයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යොමු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (03) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. රට හදන්න කතා කිරීමට පෙර, වැදූ මවට මදුරු කොයිල් එකක් ගෙනිහින් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බවයි මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ.
යි

වීඩියෝව – https://www.facebook.com/amsinhala/videos/1484242152376698/?tn=%2CO