ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අවිනීත රියැදුරෙක් තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගයේදී තවත් ජිවිත දෙකක් නැති කරයි

තිස්සමහාරාම  – කතරගම ප්‍රධාන මාර්ගයේ 6 කනුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ගුරුවරියක සහ ඇගේ සැමියා මියගොස් 15 හැවිරිදි පුතා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

ඔහුගේ තත්ත්වයද බරපතල බව ‌රෝහල් ආරංචි මාර්ග කියයි.

 වෑන් රථය පැදවූ රියැදුරු අධික ලෙස බීමත්ව සිටි බවට  හැඟි නිසා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව  තිස්සමහරාම පොලීසිය සඳහන් කළේය.

කතරගම පූජාවකට කිරින්දේ සිට කතරගම බලා ගමන් ගත් වෑන් රථයක් බව ද පොලිසිය පවසයි. 

යටාලතිස්ස ගුරු එකමුතුව  වට්ස් අප් පණිවුඩයක් හරහා රැස්වීමකට යන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

(අමිල සම්පත් ශ්‍රී ,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය සහ කවීෂා ගුරුසිංහ)