ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ප්‍රබල සමාජ ක්‍රියාධරයෙක් වූ දර්ශන හඳුන්ගොඩ CID අත්අඩංගුවට

රටේ ප්‍රකට සහ විචක්ෂණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ දර්ශන හදුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (06) අලුයම  අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි හි කළ  විදේශ සංචාරයකින් පසු    කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල වෙත පැමිණි අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන   ඇත.

ඔහු රටේ ප්‍රබල දේශපාලන සහ සමාජ කථිකාවක් ගොඩ නැගූ “SL-දේශය” යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන ගියේය.

රටේ සෑම තිලයකම දේශපාලකයින්, සිවිල් සහ ආරක්ෂක ප්‍රධානීන් , සමාජ ක්‍රියාකාරීන් සමග සමග සම්බන්ධ වෙමින් ඍජුව ඔවුන්ව ප්‍රශ්න කරමින්, ආන්දෝලනාත්මක දූෂණ හෙළි කරමින් ඔහු සිය මාධ්‍ය වෘත්තියේ නිරත වුනේය.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ආන්දෝලනාත්මක අදහස් සම්බන්ධයෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගත් බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.