ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රාජ්‍ය සමාගම් 20ක 2021 පාඩුව රුපියල් මිලියන 2865 ක්

රාජ්‍ය සමාගම්  20ක් ඉකුත් වර්ෂය (2021) තුළ රුපියල් මිලියන දෙදහස් අටසිය හැටපහක (2,865) පාඩුවක් ලබා ඇති බැව්  ජාතික විගණන කාර්යාලය පවසයි.

මින්  ගුවන්තොටුපල හා  ගුවන් සේවා  සමාගම, ස්වාධින රුපවාහිණි මාධ්‍ය ජාලය, මාගම්පුර වරාය කළමණාකරණ සමාගම, හොටෙල් ඩිවලොපර්ස් ලංකා  යන සමාගම්  ඉකුත් වර්ෂය තුළ  රුපියල් මිලියන 100 ට වඩා වැඩි  පාඩුවක් ලබා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් වර්ෂය තුළ විගණකාධිපතිවරයා වෙත  රාජ්‍ය සමාගම් 55ක් විසින් මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබු අතර ඉන් සමාගම් 34ක්  රුපියල් මිලියන 41,283ක ලාභයක් වාර්තාකොට තිබුණි.