ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රට විනාශ කල ගෝඨාට නඩු දමන්නට අධිකරණය අවසර දෙයි…! ආර්ථික ඝාතකයින්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ඇරඹෙයි..! ගෝඨාභය, මහින්ද සහ බැසිල් ඇතුළු පිරිසට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.  

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට, රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පිරිසට එරෙහිව අදාළ පෙත්සම් දෙක ගොනුකර තිබිණි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලිං ඇතුළු පිරිසක් විසින් එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

ඒ අනුව, ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලීම වී තිබේ.

වගඋත්තරකරුවන් විසින් අමෙරිකානු ඩොලරය රුපියල් 203ක වටිනාකමේ රඳවා ගැනීමට උත්සහ කිරීම, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඉකුත් ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම සහ ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගැනීම යන කාරණා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විගණකාධිපතිවරයාට ද නියෝග කරන ඇත.

එම වාර්තාව ලබන වසරේ ජනවාරි මස 18 වන දා ට පෙර ගොනුකරන ලෙස අධිකරණය විගණකාධිපතිවරයාට නියෝග කර තිබේ.

තව අද, වත්මන් ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් පියවරයන් ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ රාණි ජයමහ පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී සිදු කළ ප්‍රකාශවලට අදාළ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මහ බැංකු මූල්‍ය මණ්ඩලයට නියෝග කර ඇත.

මෑත කාලයේ සිදුවූ ධරුණුතම ආර්ථික අර්බුදය නිර්මාණය කළ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත්   මුදල් ඇමතිවරුන් වන  බැසිල් රාජපක්ෂට, මහින්ද රාජලපක්ෂට සහ අලි සබ්‍රිටත්,  මහබැංකු අධිපති ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්‍රාල්,  මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගලටත්  මහබැංකු මූල්‍ය මණ්ඩලයේ  සමාජිකයින්ට සහ පිබී ජයසුන්දරටත් එරෙහිව  ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂල් ආයතනය මෙම නඩුව පවරා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත්  වත්මන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නියෝගයක් නිකුත් කරමින්  2022 නොවැම්බර් 30ට පෙර රටේ මූල්‍ය  හා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහබැංකුව සිදුකරන ලද නිදේශ පිළිබඳවත්,  ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂට,  මහින්ද රජපක්ෂට, මහබැංකුවේ  මූල්‍ය මණ්ඩලයට, හිටපු මහබැංකු අධිපතිවරුන්වන ඩබ්ලියු .ඩී. ලක්ෂ්මන්ට,   අජිත් නිවාඩ් කබ්‍රාල්ට සහ මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් එස්.ආර් ආටිගලට  මහබැංකුව යවන ලද සියලු සන්නිවේදන සටහන් හා නිර්දේශවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා තිබේ.