සජිත් පේමදාසගේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ දුෂණයන්ට එරෙහිව අසේල සම්පත් අල්ලස් කොමිසමට
යහපාලන රජයේ මධ්‍යම සංස්කෘතික අරමුදල භාර ව සිටි ඇමතිවරයා වන සජිත් පේමදාස මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල නීතියට පිටින් ගොස් අවභාවිතා කිරීම පිලිබදව විගණන වාර්තාවෙන් හෙලිදරව් වීමත් සමග ඒ් පිලිබදව අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂමට පැමිණි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ අසේල සම්පත් මහතා පවසයි.
යහපාලන ආණ්ඩු සමයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 3000 කට ආසන්න පිරිසක් 2018 සහ 2019 වර්ෂවලදී බඳවා ගෙන ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 106ක් පමණ නිකරුණේ වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. එම ආයතනය මෙලෙස කටයුතු කර ඇත්තේ රජයේ ආයතනයකට වෙනත් ආයතනයක් වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මිට අමතරව මධ්‍යම සංස්කෘතික අරමුදල භාර ව සිටි ඇමතිවරයා වන සජිත් පේමදාස මහතා විසින් මෙම මුදල් සිය මැතිවරණ කටයුතු සඳහා අනිසි ලෙස යොදවා ඇති බවද හෙලිදරව් වී තිබේ.