ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සජිත්ගේ බිරිඳ කොළඹ 07, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි ගොඩනැගිල්ලක් බලෙන් අත්පත්කර ගනී..! අයිතිකරුවන් ‌තම දේපල ඉල්ලා උද්ඝෝෂණයක (වීඩියෝ/ඡායාරූප)

ජලනි ප්‍රේමදාස මහත්මියට අයත් කොළඹ 07, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි පිහිටි Jaal Salon රුපලාවන්‍ය සත්කාර  මධ්‍යස්ථානය පිහිටි දේපළ එහි නියම හිමිකරු වන තෙන්නකෝන් මහතාට නැවත ලබාදෙන ලෙස බලකරමින් අද (02) දින ඒය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.

Jaal Salon හි හිමිකාරීත්වය සහ කළමනාකරණය කරනු ලබන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස විසිනි.

මීට අමතරව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේද ජලනි පේමදාස මහත්මියට අයත් Jaal Salon රුපලාවන්‍ය සත්කාර  මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි.

කොළඹ 7, Maitland Crescent හි ජලනි ප්‍රේමදාසගේ මෙම Salon Jaal නම් සුඛෝපභෝගී රුපලාවන්‍ය සත්කාර  මධ්‍යස්ථානය විවෘත කරනු ලැබුවේද විපක්ෂ නායක සජිත් පේමදාස මහතා විසිනි. ඒ සඳහා විපක්ෂ නායකවරයා හා ඔහුගේ හිතවතුන්, රෝසි සේනානායක, කුමාර් සංගක්කාර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු අයද පැමිණ තිබුණි.