අධිකරණයට අපහාස කළැයි මන්ත්රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
නීතිඥවරයෙකු වන ප්රියලාල් සිරිසේන විසින් අදාළ පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ, එම චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්රීවරයාට දඬුවම් පමුණුවන ලෙස ය.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත, ශ්රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබේ.