ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නිපුන රණවකගේ නිවසට ගිනිතැබීමට සම්බන්ධ පොහොටුට්වේ සහ එජාපයේ 12 ක් අත්අඩංගුවට..! පිරිස මෙහෙයවා ඇත්තේ නිපුනගේම සාමාජ මාධ්‍ය මෙහෙයුම්කරු… සියලු සාක්ෂි මෙන්න (වීඩියෝ)

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන නිපුන රණවකගේ දෙනියායේ පිහිටි ගිනි තැබීමේ සිදුවීමට අදාලව පසුගිය මහමැතිවරණයේ නිපුන රණවකගේ සාමාජ  මාධ්‍ය මෙහෙයුම්කරු Online දෙනියාය නමින් සමාජ මාධ්‍ය තුල පෙනී සිටින ⁣වෙබ් මාධ්‍ය ක්‍රියාකරු ඉසුරු කෞශාල් ඇතුළු 12 ක් අද(18) උදේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ‘Online දෙනියාය‘ වෙබ් මාධ්‍ය ක්‍රියාකරු පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ක්‍රියාශීලීව වැඩකල පුද්ගලයෙක් වන අතර මහ මැතිවරණයේදී නිපුන රණවකගේ සාමාජ  මාධ්‍ය මෙහෙයුම්කරු ලෙස වැඩකල අයෙකි.

කෙසේ වෙතත් මෑතකාලීනව මොහු වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය එල්ලවීමත් සමග එම විරෝධතා සමග එක්වී ඇති අතර පසුගිය 09 දා ගෝල්ෆේස් ප්‍රහාරයට සම්බන්ද පිරිස් වලට ගමට පැමිණිමට ඉඩ ලබානොදෙන ලෙසත් ඔවුන් පහරදෙන ලෙසත් තම පේජ් එක හරහා එදින පුරාම ජනතාවට දැනුම්දී තිබේ. පහතින් දැක්වෙන්නේ ඔහු තම Online දෙනියාය සමාජජාල පිටුව හරහා භීෂණය වැපිරු ආකාරයයි… https://www.facebook.com/onlinedeniyaya/posts/967172040636634?

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්දයෙන් අත්අඩංගුවට පිරිස අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් පසුගිය කාලයේ ක්‍රියාකාරීව වැඩකල සමාජිකයින් 05ක් සහ එක්සත් ජාතික පක්ෂයේ කොටපොල ප්‍රදේශීය සභා මන්ත්‍රී අජිත් මුතුකුට්ටි ඇතුළු එජාප පාක්ෂිකයින් 07 දෙනෙක්ද සිටින බව වාර්තාවේ.

පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පිරිස පිලිබදව අධිකරණයට ඉදිරිපත්කල විස්තර පහත දැක්වේ.