ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අද විදුලි කප්පාදුව වෙනස් වෙයි: අලුත් කාල සටහන මෙන්න

කාණ්ඩ දෙකක් යටතේ අද (පෙබ. 21) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම පරිදි මෙම කප්පාදුව සිදු කෙරෙන බව ය.

ඒ අනුව, දකුණු පළාත හැර සෙසු පාළාත්වල පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදුව සිදු කෙරෙන බව ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, එම කාලය තුළ දකුණු පළාතේ කාණ්ඩ තුනක් යටතේ පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ය.

මේ අතර, අද දිනයේ උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.30 දක්වා සහ ප.ව. 1.30 සිට ප.ව. 4.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකර, රාත්‍රි කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කළ හැකි ද? යන්න පිළිබඳව සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ විභාග කොමසාරිස්වරයා ඉල්ලීමක් කළ බව ජනක රත්නායක මහතා පැවසීය.      

ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තීරණය අද (පෙබ. 21) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ය