ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාදයක් ගැලවී විසි වී ගිය බිහිසුණු රිය අනතුර

සාලියවැව 19 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරක් දැක්වෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවත් අනතුරින් යතුරුපැදිකරුගේ එක් පාදයක් සිරුරෙන් ගැලවී ගොස් ඇති බවත් වාර්තා වෙයි.

බරපතළ තත්ත්වයේ පසුවූ යතුරුපැදිකරු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

අනතුරට ලක්වන මෝටර් රථයේ රියදුරු තලෙයිමන්නාරම රෝහලේ වෛද්‍යවරයෙකු වන අතර ඔහු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකාර වෛද්‍යවරයා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සාලියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.