ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

CEYPETCO ත් ඉන්ධන මිල ඉහළ දමන්න අවසර ඉල්ලයි

වහාම ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දී තිබේ. තෙල් සංස්ථාවේ සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ සංස්ථාව මෙම ඉල්ලීම රජයට මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවයි.

ආනයනය මිල සමග සැසඳීමේදී ජනවාරි මාසය තුළ ඩීසල් ලීටරයකින් රුපියල් 48.00කට ආසන්න අලාභයකුත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15.00කට ආසන්න අලාභයකුත් තෙල් සංස්ථාවට සිදු වූ බව ඔහු පැවසීය.

ඒ අනුව, රජය දැනුවත් කිරීමට සහ ඉන්ධන මිල ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීමක් කළ බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

මේ පිලිබදව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කළ විමසීමකදී ඔහු ද සඳහන් කළේ ඉන්දීය තෙල් සමාගම සිය මිල වැඩි කිරීම හේතුවෙන් ඉන්ධන මිල ගැන තින්දුවක් ගැනිමට තෙල් සංස්ථාවට ද සිදු විය හැකි බවයි.