ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කොරෝනා වෛරසය: ඊයේ දිනයේ ආසාදිතයින් 1,298ක් සහ මරණ 26ක්

මෙරටින් කොරෝනා ආසාදිතයින් ඊයේ (පෙබ. 7) දිනය තුළ 1,298 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 620,732කි.

මේ අතර, මෙරටින් තවත් කොවිඩ් මරණ 26ක් ඊයේ (පෙබ. 7) වාර්තා විය.

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු ද වයස අවුරුදු 30-60 අතර පුද්ගලයින් 6 දෙනෙකු සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 18 දෙනෙකු මිය ගිය පිරිස අතර වෙති.

මෙම පිරිස අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පුරුෂයින් 17 දෙනෙක් වෙති.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 15,621ක් දක්වා ඉහළ ගොස් තිබේ.