ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගන්නා ලංකාවේ වන අලින්ගේ ඛේදවාචකය ගැන සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝගේ අවධානය

ශ්‍රී ලංකාවේ වන අලි මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩි’කැප්‍රියෝගේ අවධානය යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පළවූ ලිපියක් සිය ට්විටර් ගිණුමේ පළ කිරීමට ඔහු කටයුතු කර ඇති අතර ඒ හේතුවෙන් එය ලොව පුරා ජනතාවගේ මෙන් පරිසරවේදීන්ගේ දැඩි කතා බහට ලක් වී ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ, පල්ලක්කාඩුහි විවෘත කසළ බිමක ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා එම කලාපයේ අලි ඇතුන් මිය යාම සම්බන්ධයෙන් ආදළ ලිපිය පළ කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ, එහි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වන අලින් දෙදෙනෙකු පසුගිය සතියේ මියගොස් ඇති බව ත් පසුගිය වසර අට තුළ අලි ඇතුන් 20 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ත් ය.

එලෙස මිය ගිය අලි ඇතුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් නොදිරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආහාරයට ගෙන ඇති බව ද තහවුරු වී ඇතැයි අදාළ ලිපියේ සඳහන් කර ඇත.

එවැනි කරුණු ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවේ වන අලි මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව සම්පාදනය කර ඇති අදාළ ලිපිය, සම්මානනීය නළුවෙකු මෙන් ම පරිසරවේදියෙකු ද වන ලියනාඩෝ ඩි’කැප්‍රියෝගේ අවධානයට ලක් වීම හරහා ඒ පිළිබඳව ලොව පුරා ඇති දැනුවත්භාවය තීව්‍ර වන බව සමාජ මාධ්‍ය පරිශීලකයෝ පෙන්වා දෙති.

අදාළ ටිව්ටර් පණිවිඩය පහතින් දැක්වේ.

https://t.co/pA9nxqLM6W