විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ෆර්දිනැන්ඩු මහතා ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ අතර ආණ්ඩුව පෙරළීමෙන් පසු රාජපක්ෂවරුන් විසින් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගත්තේය.
විදුලිබල මණ්ඩලය ඒ මහතාට බාරදීමට පියවර ගෙන තිබුණේ ඉන් අනතුරුවය.
කෙසේ වෙතත් අද (26) දින තනතුරෙන් ඉල්ලා අස් වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙම ලිපිය හරහා විදුලි බල මණ්ඩල සභාපති වරයා දැනුම් දෙන්නේ පෙබරවාරි මස පළවන දා සිට තමන් මෙම තනතුරෙන් ඉවත් වන බවයි.
අවස්ථා ගණනාවකදී විදුලිබල මණ්ඩල සභාපතිවරයා ලෙස කටයුතු කළ එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ අමරිකානු සමාගමක් සමඟ යුගදනවි විදුලිබලාගාරයේ රජය සතු කොටස් පවරාදීමට ගිවිසුම් අත්සන් කිරීමත් සමග දැඩි කතාබහකට ලක් වුණා.
මේ හේතුව නිසා ඔහුගේ ක්‍රියා කලාපය විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සහ අනෙකුත් කාර්යමණ්ඩලයේ දැඩි විරෝධයට ලක් වුණා.
