ColomboXnews

News | Gossip | Political | Entertainment

MythNewsSlider

දේවාලයක ගිනි පාගන්න ආ තරුණ මවක් මරුට

කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංග්‍යයේ ගිනි පෑගීමේ  චාරිත්‍රයට සහභාගී වූ 26 හැවිරිදි එක්දරු මවක් දෙපා පිලිස්සීමෙන් මියගොස්  ඇතැයි පොලිසිය පවසයි.

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අක්කුරුවිට ආරච්චිගේ ඉරේෂා මධුරංගනී නැමති 26 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇති බවත් ඇය දසහැවිරිදි දරුවකුගේ මවක් බවත් පොලිසිය කියයි.

ආමර් වීදියේ අදාල දේවාලයේ වාර්ෂික ගිනිපෑගිමේ උත්සවය පසුගිය 14 වැනිදා රාත්‍රීයේ පැවැති බව කී පොලිසිය මියගිය කාන්තාව ගිනිපෑගීමේ චාරිත්‍රයට සහභාගී වීමේදී ඇයගේ දෙපා පිලිස්සී ඇති බව ද සඳහන් කළේය.

පිලිස්සුම් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර නොගෙන පසුදින නිවසේම සිටිදී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියෙදී මියගොස් ඇති බවත් කොළඹ නාගරික මරණ පරික්ෂක අෂ්රෆ් රූමි මහතා මරණ පරීක්‍ෂණය පවත්වා තිබේ.