ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

අබුඩාබි නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකක ට ප්‍රහාර දෙකක් සිදුව තිබේ. අබුඩාබි පොලීසිය පවසන්නේ, එම ප්‍රහාර ඩ්‍රෝන මඟින් සිදුකර ඇති බවය.

යේමනයේ සිටින හව්ති කැරළිකරුවන් කණ්ඩායමක් විසින් එම ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එක් ප්‍රහාරයක් අබුඩාබී ගුවන් තොටුපළේ ඉදිකිරීම් සිදුකෙරෙමින් පවතින ස්ථානයකට එල්ලව ඇත.

අනෙක් ප්‍රහාරය මුසෆ්ෆා කාර්මික නගරයේ තෙල් බෙදාහැරීම් සිදුකරන ආයතනයක් අසලට එල්ලව තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ එහි තිබු ඉන්ධන ප්‍රවාහන රථ 3ක් ගිනිගෙන ඇති බවය.

මෙම ප්‍රහාරයේ වගකීම භාරගත් හව්ති කැරළිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර යුද මෙහෙයුමක් දියත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේ දී ප්‍රකාශ කරන බව පවසයා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.