ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

පින්නවල අලි අනාථාගාරයේ සුරංගිගේ නිවුන් අලි පැටව් ප්‍රථම වරට ස්නානය කල අයුරු (VIDEO)

මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේදී නිවුන් අලි උපතක් මීට මාස තුනකට පෙර සිදුවිය .සුරංගි නම් කෙනෙර මෙලෙස බිහිකර ඇත්තේ පිරිමි පැටවුන් දෙදෙනෙක්. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපත ලෙසයි සැලකෙන්නේ.

අවුරුදු 24ක් වයසැති මෙම කෙනෙර මීට පෙර ද පැටවුන් බිහි කර ඇති බවද පින්නවල අලි අනාථාගාරයේ ප්‍රකාශකයෙකු සදහන් කරයි.

සුරංගි නම් කෙනෙර සහ පැටවුන් දෙදෙනා පසුගියදා ප්‍රථම වරට ස්නානය සදහා ගඟට බැස ඇති අතර එය ඉතා දුර්ලබ දර්ශනයක් විය.

මීට පෙර වනගතව සිටින ආසියානු අලීන්ගේ පළමු නිවුන් උපත මින්නේරිය වනෝද්‍යානයෙන් වාර්තා වූ අතර කෙසේ වෙතත් මෙම එක් පැටවෙකු මියගොස් ඇති බවට සැක කෙරෙන බවයි වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ නරාල්වරයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය කියා සිටියේ.