ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් අර්ජුන් මහේන්ද්‍රන් – රවී කරුණානායක – අර්ජුන් ඇලෝසියස් නිදහස්

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම හිමිකරු  අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන්  11 දෙනකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක් චෝදනා 11කින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මෙම නඩු විභාගය අරම්භ කිරීමට සූදානම්වූ අවස්ථාවේ විත්තිකරුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඇතුළු නීතිඥ මඩුල්ල මතුකළ මූලික විරෝධාවක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල එසේ තීරණය කළේය.

අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විනිසුරු මඩුල්ල අදාල නියෝගය ප්‍රකාශයට පත් කළේය.