ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

ඉන්දියාවේ උසස්ම පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද පදික වෙළෙන්දා

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කුඩා ගම්මානයක දොඩම් වෙළෙන්දෙකු ඉන්දියාවේ ඉහළ ම සම්මානය ලෙස සැලකෙන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබූ පුවත දෙස මේ වන විට ලෝකයේ ම දෑස් යොමුවී තිබේ.

66 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු වන හෙරේකාලා හජබ්බා නමැති දොඩම් වෙළෙන්දාට එම ගෞරවණීය සම්මානය හිමි වූයේ, ඔහු දොඩම් විකුණා උපයා ගත් මුදලින් සිය ගම් ප්‍රදේශය වන මැංගලූරු ගම්මානයේ කුඩා දරුවන් වෙනුවෙන් පාසලක් පිහිටුවීම නිසා ය.

හෙරේකාලා හජබ්බා ළමුන් 28 දෙනෙකුගෙන් ආරම්භ කළ පාසලේ මේ වන විට දරුවන් 175 දෙනෙක් අධ්‍යාපනය හදාරති.

පාසල නඩත්තු කිරීම සහ දරුවන්ට ආහාර පාන සකස් කිරීම ද හජබ්බා අතින් සිදුවන අතර ඔහු තවමත් වෙසෙන්නේ, බස් නැවතුම් පොළක සකසා ගත් කුඩා පැලක ය.

ඔහු අධ්‍යාපනය නොලැබූ අකුරු ලිවීමට පවා නොහැකි අයෙකු වන අතර මෙම පාසල ඉදිකිරීමේ අරමුණ වී ඇත්තේ, අසරණ දරුවන්ට තමාට ලබා ගත නොහැකි වූ අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙනි.