රෑට යූරියා දමා උදේට පේ්න්න කොම්පොස්ට් දාලා..! කාබනික වගාව සාර්ථකයි කියා රත හිමි රටම අන්දන්න හදලා.. ගොවීන් සියල්ල හෙළිකරයි (වීඩියෝ)
අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් කාබනික ගොවිතැන පටන් ගත්තේ තම මාදුරැඔය ගොවි ජනපදයෙන් බවත් එහි දී රාත්රියට යූරියා පොහොර යොමු පෙරවරුවේ කොම්පෝස්ට් පොහොර යොදමින් සාර්ථකයි කියා පෙන්නූ බවද සඳහන් කරමින් රසායනික පොහොර යොදා ගොවිතැන් කිරීමේදී හෙක්ටයාරයකට කිලෝ පන්දහසක් පමණ ලබා ගත හැකි වූ බවද රසායනික පොහොර ඉල්ලමින් විරෝධතාවය යෙදෙන ගොවි ජනතාව කියා සිටියහ.
කාබනික පොහොර යොදමින් ගොවිතැන් කිරීමෙන් හෙක්ටයාරයකට කිලෝ 2000-2500 පමණ අස්වැන්න පහල බැස ගිය බව ගොවීහු චෝදනා කරති.
මාදුරැඔය කලාපයේ ගොවිතැන් කටයුතු කරන්න පිරිස් විසින් මෙම විරෝධතාවයන් පවත්වන ලදී.
එසේ කරමින් රතන හිමියන් විසින් කාබනික ගොවිතැන සාර්ථක බව රටට පෙන්වීමට උත්සාහ කළ බව ද එක් ගොවියකු එහිදී කියා සිටියේය.