ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අගමැති සමග සාකච්ඡා අසාර්ථකයි – ගුරු වර්ජනය දිගටම

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලු සඳහා විසඳුම් බලාපොරොත්තුවෙන් අද (27) දිනයේ අගමැතිවරයා හමුවුවත් සාකච්ඡා අවසන් වූයේ එකඟතාවයක් හෝ විසඳුමකින් තොරව බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති පවසති.

අදාළ සාකච්ඡාවලින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ගැටලු විසඳන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග ද ඉදිරියට යනු ඇති බවය.

අද පැවැති සාකච්ඡාවේදී පැය 2කට ආසන්න කාලයක් අදාළ අනුකමිටුව සමග සාකච්ඡා කළ බවද ඔවුන් පැවසීය.

“ඇමතිවරු 3 දෙනෙක් ජපානයේ ගිහින් තියෙනවා. ඒවට සල්ලි තියෙනවා. මේවට සල්ලි නෑ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කිව්වට ඊළඟ අයවැයෙදි විසඳුමක් දෙනවා කියලා අගමැතිගේ සාකච්ඡාවෙදි එහෙමවත් කිව්වේ නෑ. කිසිම සාධනීය ප්‍රවේශයක් නෑ. මෙතන කිව්ව එකම දේ කැබිනට් අනුකමිටුවක් දාලා තියෙනවා ඒකෙන් කරනකම් ඉවසීමෙන් ඉන්න කියලා. දින 16ක් මේ අරගලය. අධ්‍යාපන අමාත්‍යවරයා පුන පුනා කිව්වා සියලු ප්‍රශ්න ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් මම දැම්මේ කියලා. තව දාන්න දෙයකුත් නෑ කියලා. එහෙනම් තවත් කැබිනට් මණ්ඩලයකින් නම් මේ ප්‍රශ්නය විසඳන්නේ. අපිත් ලෑස්තියි විසඳනකම් අපේ ක්‍රියාමාර්ගවලට යන්න.”