ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජ.වි.පෙ කාබනික වගාවට විරුද්ධයි කියා මත හදන ආණ්ඩුවට ජ.වි.පෙ ප්‍රා.මන්ත්‍රීගෙන් කදිම පිළිතුරක්..! අක්කර 21ක වි සහ බඩඉරිඟු කාබනික වගාවක්

ආණ්ඩුව හිටි හැටියේ නින්දෙන් අවදිවුවාසේ රටතුල රසායනික පොහොර තහනම් කරමින් කාබනික වගාව සිදුකරන ලෝකයේ එකම රට බවට ර්‍ශි ලංකාව පත්කිරීමට තමන් කටයුතු කරන බව පවසමින් මේවනවිට ඒ සදහා කයවුතු කරමින් සිටී.

එම ක්‍රීයාමාර්ගය පියවරෙන් පියවර නොගෙන එක්වරම ගැනීම නිසා මේවනවිට රටපුරා ගොවීන් අසරණ තත්වයට පත්ව ඇත. ඒ තම ගොවිබිම් වලට අවශ්‍ය පොහොර නොමැතිකම නිසාය. එමනිසාම ගොවීන් තම වගාවන්ට පොහොර ඉල්ලා රටපුරා උද්ඝෝෂණ පවා මේ වනවිට දියත්කරන අයුරු දැකගත හැකිය.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් මෙම පොහොර අර්බුදය ගැන කතා කරන පිරස් කාබනික වගාවට එරෙහි අයලෙස සමාජයට හදුන්වා දෙමින් සිටියද එය එසේ නොවක බව ගොවිබිම්වල ජිවමාන සාක්ෂි වලින් තහවුරුවේ. ඒ අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන මහතා වැනි අය දියත් කර ඇති කාබනික වගාව හේතුවෙනි.

කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන මහතා කාබනික පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 21ක මහ කන්නයේ අස්වැන්න නෙළිමේ කටයුතු මේ දිනවල ආරම්භ කොට තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජවිපෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රි කුමුදු ප්‍රියන්න ගුණවර්ධන මහතා මෙසේ පැවසිය.

“මම මේ වන විට කුඹුරු අක්කර 21 ක ප්‍රමාණයක් කාබනික පොහොර යොදා වී වගා කර දැනට ගොයම් කැපෙමින් පවතිනවා. කිසිම විදියකින් වත් අස්වැන්නේ අඩු විමක් නැහැ. බඩ ඉරිගු, වගාවක්ද කර තිබෙනවා. ඒ සදහා දැම්මේත් කාබනික පොහොර.අප කාබනික දියර පොහොර වර්ග වගේම කාබනික කෘමි නාශක වර්ගත් හදා පාවිච්චි කරනවා.“

“ඇත්තටම මෙය ලංකාවේ කල හැකි හොදම දේ හැටියට මම දකිනවා. මම කාබනිකව එළවළු, වී වර්ග කිහිපයක්ම,ඒ වාගේම බීජී 384 කියන වී වර්ගය, දේශීය වී වර්ග කාබනික පොහොර යොදා නිශ්පාදනය කර තිබෙනවා. බඩ ඉරිගු සේනා දලඹුවාටත් අප දේශීය බෙහෙතක් නිශ්පාදනය කර තිබෙනවා. කාබනික පොහොර මාස තුනෙන් දිරන ක්‍රමය තමයි රටේ තියෙන්නේ. නමුත් මම දින 45 කින් පමණ කාබනික පොහොර හදනවා. ඒ තාක්ෂණය මට රටට දෙන්න පුවවන්.“

“රජය කාබනික රටක් කිරීමට ගත් තීරණය හරිම වැදගත්. නමුත් මේ කාබනික පොහොර  හදන පුද්ගලයන් 25000 ක් පමණ රට තුල ඉන්නවා. ඒ අය ජනාධිපතිතුමා ඉදිරියට ගෙනල්ලා ඒ අයගේ ක්‍රමවේද පිළිබදව අධ්‍යයනය කළොත් මේ වැඩේ කරන්නට හරිම පහසු වනවා.“

“නමුත් දැනටමත් සිදුවන්නෙ සමහර මුදලාලිලා දේශපාලන හිතවතුන් සමග ඉඩම් ටික බෙදා ගෙන නොයෙකුත් වර්ග යොදමින් කාබනික පොහොර හදන්න පටන් අරගෙන. දැන් මේක ව්‍යාපාරික කටයුත්තක් කරගෙන. ඒක එහෙම කරන් බැහැ. පියවරෙන් පියවර රට මේ ක්‍රීයාවලියට යොමු කල යුතුයි.“

“එහෙම නැතුව මේ ක්‍රමවේදය වැරදුනොත් ඉදිරියට මේ කර්තව්‍ය කර ගෙන යන්න කාටවත් නොහැකි වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා මේ පිලිබදව අවදානය යොමුකල යුතුයි. මේ පිලිබදව අද්දැකීම් තියෙන පිරිස් වලින් උපදෙස් අරගෙන නිසි ක්‍රමවේදයකට අනුව රට කාබනික වගාව සදහා යොමුකල යුතුයි. එහෙම නැතුව මේක බිස්නස් එකක් කරගන්න ගියොත් කවදාවත් නිවැරදි කාබනික වගාවක් අපේ රටේ සිදුකරන්න බැරිවෙනවා“ යැයි ඒ මහතා පැවසීහ.