ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ප්‍රභූන්ට නැති නීතිය සාමාන්‍ය ජනයාට අකුරටම..! 20ක් එකතුවී විවාහ මංග්‍යලයක් සිදු කලැයි එම පිරිස හෝටලයේම නිරෝධායනයට

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වු පුද්ගලයින් 20දෙනෙක් එම ස්ථානයේ දීම නිරෝධායනයට යොමුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, පානදුර උතුර කෙසෙලේවත්ත පොලිස් ස්ථානය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලද තොරතුරක් මත විශේෂ වැටලීමක් සිදුකර ඇති බවය.

එහිදී සෞඛ්‍ය උපමාන කඩ කරමින් පවත්වමින් තිබු විවාහ මංගල උත්සවයට සහභාගී වී සිටි පිරිමි පුද්ගලයින් 12ක් සහ කාන්තාවන් 8 දෙනෙක් එම ස්ථානයේ දීම දින 14ක කාලයක් නිරෝධායන වෙන ලෙස දැනුම් දී තිබේ. එම නිරෝධායන කාලය සම්පූර්ණ වු පසු අදාළ පුද්ගලයින්ට පොලීසිය විසින් නඩු පැරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ ආණ්ඩුවේ මැති ඇමතිවරු නිරෝධායන නීති කඩකරමින් විවිධ උත්සව සංවිධිනය කල නමුත් එහිදී මෙම නිරෝධායන නීති ක්‍රියාත්මක වුයේ නැත. විශේෂයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දිනය පොලිසිය විසින් පොලිසිය තුලදීම සමරවන ලද නමුත් ඒ පිලිබදව පරික්ෂා කිරීමට කමිටුවක් පත්කරන ලද බව පවසා එම සිදුවීම යට ගසන ලදි.

තවද මහින්ද රාජපක්ෂගේ බල පුතු රෝහිත රාජපක්ෂ විසින් සිය උපන්දින සාදය පැවැත්වීම පිලිබදව පසුගිය කාලයේ සමාජජාල මාධ්‍ය තුල දැඩි කතාබහට ලක්විය.

මේ අතර ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 433ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත්වු මුළු සංඛ්‍යාව 45,532ක් වේ.