ජනපති අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමයි… එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලෙමින් පවති (නවතම දර්ශන)
කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ උපදෙස් ලබාදුන්නද එම නැව මේ මොහොත වනවිට ගිලෙමින් පවතින බව අනාවරණයවේ.
ආපදාවට ලක් වූ මෙම නෞකාව මුහුදුබත් විමේ අවදානමක් පවතින බවත් එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානිය අවම කරගැනීමට මෙම නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට තීරණය කල බව එහිදී අනාවරණය කරන ලදි.
කෙසේ වෙතත් “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව මුහුදේ ගිලී යමින් පවතින අයුරු දැක්වෙන නවතම වීඩියෝ දර්ශන ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ.
මේ වන විට නෞකාවේ බඳේ කොටසක් මුහුදුපත්ලේ ගැටීම හේතුවෙන් නෞකාව ගැඹුරු මුහුදට ඇද ගෙන යෑම නවත්වනු ලැබීය.
මේ සිදුවීම හරහා පෙනී යන්නෙ ‘අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීම‘ වැනි තීන්දුවක් ජනාධිපතිවරයා විසින් ගෙන ඇති බවයි. නැව ගිනි ගැනීමට ප්‍රථම එය ගැඹුරු මුහුදට ඇදගෙන යායුතුව තිබු නමුත් දැවැන්ත පරිසර විනාශයක් සිදුවීමෙන් පසු එම තීන්දුව ජනාධිපතිවරයා ගෙන තිබුණු. ඒ වනවිට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය.
කෙසේ වෙතත් නෞකාවෙන් තෙල් කාන්දුවක් වී ඇති බවට මෙතෙක් නිරීක්ෂණය වී නොමැති බව නාවික හමුදාව සඳහන් පැවසුවේය.