ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මොනරාගල බන්ධනාගාරයේ 57 කට කොවිඩ්

මොනරාගල බන්ධනාගාරයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 57 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එක් බන්ධනාගාර නිළධාරියෙකුට සහ රැඳවියන් 56 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

ඊයේ දිනයේදී මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 73 ක් වන අතර ඉන් බහුතරය බන්ධනාගාරයෙනි.

මීට පෙර අවස්ථා ගණනාවකදී බන්ධනාගාර කිහිපයකින් සහ රැඳවුම් මධ්‍යස්ථානවලින් මෙසේ පොකුරු පිටින් ආසාදිතයන් වාර්තා විය.