ලොක්ඩවුන් අස්සේ කඩුවෙල හෝටලයක විවාහ උත්සවයක් – සියලුදෙනා එම ස්ථානයේම දින 14ක් නිරෝධායනයට..
පනවා ඇති සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී අද (28) දිනයේත් විවාහ මංගල උත්සවයක් සංවිධානය කර තිබුණි.
හෝටලයක විවාහ උත්සවයක් පවත්වමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත නවගමුව පොලීසියේ නිලධාරීන් අද එම ස්ථානයට ගිය අතර එම අවස්ථාව වන විටත් පෝරුවේ චාරිත්‍ර ඉටු කරමින් තිබුණි.
එම චාරිත්‍ර අවසන් වනතෙක් ඊට බාධා නොකර එහි රැඳී සිටි පොලිස් නිලධාරීන් අනතුරුව විවාහ උත්සවයට සහභාගි වී සිටි 50කට අධික පිරිස එම ස්ථානයේම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.
විවාහ මංගලෝත්සව පැවැත්වීමට අවසර ලබා දී නොමැති නමුත් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචි කිරීම සඳහා අවසර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ. කෙසේ නමුත් එම අවසරය අවභාවිත කිරීමට උත්සාහ දරන්නෙ නම් ඊට එරෙහිව පොලීසිය පියවර ගන්නා බවද ඔහු පවසනවා.