ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නව කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිස යාපනය දිස්ත්‍රික්කයෙන්

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 271 දෙනා අතරින් වැඩිම පිරිස වන 77 දෙනෙකු වාර්තා යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 64 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 27 දෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම, ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ දිනයේදී පුද්ගලයින් 13,382 නෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා එන්නත්කරණය සිදුකර ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 869,709ක්.