පකිස්ථානු අගමැති අද දිවයිනට
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සදහා අද (23දා) දිවයිනට පැමිණීමට නියමිතය.
අගමැති ඉම්රාන් ඛාන් මහතා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්වීපාර්ශ්වික රැුස්වීම්වලට සහභාගි වන අතර, ව්‍යාපාර හා ආයෝජන සංසදයක් මෙන්ම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් ඇතුළු තවත් ඉහළ මට්ටමේ කටයුතු ද සැලසුම් කොට ඇත. අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන නිල සාකච්ඡුාවලින් අනතුරුව පෙබරවාරි 23 වැනිදා ශ්‍රී ලංකා සහ පාකිස්තාන අගැමතිවරුන් එක්ව අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ ගෙන එන ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ උත්සවයක මුලසුන හොබවනු ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව තුල කොවිඩි මෘතදේහ භුමිදානය කිරීමට ඉඩනොදීම පිලිබදවද ඉම්රාන් ඛාන්ගේ අවදානය යොමුවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව මේ වනවිටත් පකිස්ථාන අගමැතිවරයාට ඒ පිලිබදව දැනුවත්කර ඇති බව වාර්තාවේ.
තවද මේ දිනවල ජිනිවාහි පැවැත්වෙන එක්සත් ජාතිනගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී පකිස්ථානය ඇතුළු මැදපෙරදිග මුස්ලිම් රටවල සහාය ලබාගැනීමද මෙම සංචාරයේ අරමුණක්වේ.
ඉම්රාන් ඛාන් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍ය මක්¥ම් ෂා මෙහමූඞ් කුරේෂි මහතා, වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවූඞ් මහතා, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඞ් මහතා සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වනු ඇත.