ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දරුවන්ට නඩත්තු ගෙවීම පැහැර හැරිය වීරවංශගේ ගෝලයා ටෙලි නළු ගයාන්ට සිතාසි

නඩත්තු නඩුවකට අදාළව තම බාල වයස්කාර දරුවන් දෙදෙනා හට අධිකරණය විසින් ගෙවීමට නියම කළ නඩත්තු මුදල් වසර පහක පමණ කාලයක සිට පැහැර හැර ඇති බව කියන ගයාන් ප්‍රසාද් වික්‍රමතිලක නැවත වරක් සිතාසි නිකුත් කිරීමට මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (22) නියම කර තිබේ.

ගයාන් වික්‍රමතිලක යනු ඇමති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි. පසුගිය මහ මැතිවරණයේදී පොහොට්ටුව නියෝජනය කරමින් ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ලදි.

වයස අවුරුදු 10 සහ 11 යන වයස් කාණ්ඩවල පසු වන දරුවන් දෙදෙනාගෙන් එක් අයකුට රුපියල් 15000 බැගින් වු රුපියල් 30000 ක් ගෙවීමට 2013 දී අධිකරණය විසින් නියම කර තිබුණ ද මෙම තැනැත්තා පසුගිය 2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම වන්දි මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි දරුවන්ගේ මව අධිකරණයට ප්‍රකාශ කර ඇත.

ඉකුත් 5 වැනි දා නඩුව කැදවු අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වගඋත්තරකාර තැනැත්තා හට සිතාසි නිකුත් කර තිබුණ ද නඩුව නැවත කැදවු අවස්ථාවේදී මොහු අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

ඉල්ලුම්කාරිය වෙනුවෙන් සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනී සිටියේය. නඩුව මාර්තු මස 22 වැනි දා නැවතත් කැදවීමට නියමිතය.