ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

චමින්ද වාස් වේගපන්දු පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කරනු ලැබූ චමින්ද වාස් අදාල තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා. මීට දින කිහිපයකට ඉහතදී ඔහු මෙම තනතුරට පත් කෙරිණි.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් ඔහු මෙම තනතුරට පත්කර තිබූ අතර අදාල සංචාරයට කණ්ඩාය පිටත්ව යාමට පැය කිහිපයක් පමණක් තිබියදී හදිසියේ ඔහු ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රීඩාලෝලීන්ද චමින්ද වාස් කෙරෙහි තබා තිබූ විශ්වාසය බිඳ දමමින් හදිසියේ තනතුරින් ඉල්ලා අස් වී ඇති බවයි. මුල්‍යමය ගැටලුවක් මීට හේතු වී ඇති බවයි ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් අවධාරණය කරන්නේ.