ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පිළිගැනීමේ පෙරහුරුවේදී T -56 ජීව උණ්ඩ 15 ක් සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

T -56 වර්ගයේ ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ පොලිස් නිලධාරීයෙකු අද  දින උදෑසන ගුවන් තොටුපළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු තහවුරු කර සිටියේ.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා දින උදෑසන 10.40 ට පමණ මෙම ජීව උණ්ඩ තොගය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කිරීමේදී එහි ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ.

මෙම සිදුවීම වන අවස්ථාව වනවිට කටුනායක ගුවන් තොටුපළ තුළ පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන් විශේෂ පෙරහුරු වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.

මෙසේ පොලිස් අත් අඩංගුවට පත් මෙම පොලිස් නිලධාරීවරයා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු මස 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.