CCTV ඔස්සේ පාර්ලිමේන්තුවේ හකීම්ගේ ආශ්‍රිතයින් සොයයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් ආසාදනය වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීමට පියවර ගනිමින් සිටී.
රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය 5 වන දින පාර්ලිමේන්තු සභාවාරයට ද පැමිණ ඇති බව පාර්ලිමේන්තු ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඒ අනුව තහවුරු කරගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, නිලධාරීන් ඇතුළු සේවකයින් නිරෝධායනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
තමන් කොවිඩ් ආසදිතයෙක් බව මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් ඔස්සේ පවසා තිබුණු අතර පසුගිය දින 10 තුළ ඔහු හා සම්බන්ධ වූවන්ට සෞඛ්‍යාරක්ෂිතව සිටින ලෙසද ඉල්ලීමක් කර තිබුණි.
මේ වන විට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද කොවිඩ් 19 ආසාදනයට ලක්ව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ඔහු හා සම්බන්ධ වූ පළමු පෙළ ආශ්‍රිතයින් 100කට වැඩි පිරිසක් ද නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර තිබුණේ.