ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හකීම් ඇසුරු කල මන්ත්‍රීවරු 10කට PCR

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ගේ සමීප ආශ්‍රිතයින් බවට තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.

මෙම පළමු පෙළ ආශ්‍රීතයින් බවට හඳුනා ගනු ලැබූ මන්ත්‍රීවරුන් 10 දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියා මාර්ග අදාළ අංශ විසින් මේ වන විට ලබාදෙමින් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් 10 දෙනාට PCR පරීක්ෂණ වලට ලක්වන ලෙසත් පසුව නිරෝධායනය වන ලෙස දැනුම් දී සිටින බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේ.