කොරෝනා තර්ජන හමුවේ රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටු 5ක් වැසේ
කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටු 5ක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත. අංක 6, 13,14,15, හා 24 යන වාට්ටු මෙසේ වසා දමා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රත්නපුර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලක්ෂ්මන් මුණසිංහ පවසා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්ත වීම සීග්‍ර වීම හේතුවෙන් රෝහලද මේ වන විට අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවයි.