ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා – නිරෝධායනය කර සිටිය දී රැස්වීම්වලටත් ගිහින්
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ. ඊයේ දිනයේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්ථා අනුව ඒ බව තහවුරු වු බවතලවාකැලේ ලිඳුල සෞඛ්‍ය නිලධාරි ජනත් අබේගුණවර්ධන මහතා පැවසිය.
මෙම සභාපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකර සිටිය දී සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව අදාළ සභාපතිවරයා, රැස්වීම් කිහිපයකට සහභාගී වී ඇතැයි ද වාර්තා වී තිබේ.
කෙසේවෙතත් එම රැස්වීම් සඳහා නුවරඑළිය, තලවාකැලේ ලිඳුල, කොටගල, ආගරපතන, නො(ර්)වුඩ්, මස්කෙළිය හා අඹගමුව යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරු හා නගරාධිපතිවරු රැසක් සහභාගී වී ඇති බවට ද තොරතුරු අනාවරණය වු බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය නිලධාරී ජනත් අබේගුණවර්ධන මහතා පැවසීය.
මේ අතර, නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කළ සභාපතිවරයාට එරෙහිව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බවත් සෞඛ්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.