ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තවත් කොවිඩ් ආසාදිතයින් 338ක්

අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 338ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 650ක් වේ.

ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 31,720කි.