ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කොවිඩ් මරණ 130ක් දක්වා ඉහළට

අද (04) දින මෙරට 130වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංවිව සිටි පුද්ගලයෙකි.

එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අද (04) මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටිරියා ආසාදන සහ  හෘද රෝග තත්ත්වය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය.