ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මල්වාන නඩුවට අදාළ විදෙස් ගමන් තහනමත් බැසිල් ඉවත්කර ගනී

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් පනවා තිබුණු විදෙස් ගමන් තහනම ද ඊයේ (02) ඉවත් කෙරිණි. 

මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිතය කළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇති අතර ඊයේ දිනයේදී මෝසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතාගේ නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ සිය සේවාදායකයාට රාජකාරි කටයුත්තක් සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය වී ඇති බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසය. 

ඒ අනුව ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් අදාළ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කර තිබිණි.